පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය දිගු වන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇතැයි, එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතා පවසයි.

මේ වන විට එහි සාක්ෂි විමසීම අවසන් අදියරේ පවති. අවසන් වාර්තාව මේ මස 23 වැනිදා ලබාදීමට තීරණය කර ඇත. එහෙත් ලබන සැප්තැම්බර් මස 23 වැනිදා දක්වා එහි කටයුතු පවත්වාගෙන යාමට සිදුවනු ඇති බව නියෝජ්‍ය කථානායකවරයා සදහන් කළේය.

කොමිසමේ කටයුතු තවත් මසද කාලයක් දක්වා දීර්ඝ කිරීමට, අදාළ යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *