‘මනුරාව’ නීති සඟරාව 21වනදා එළිදකී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය මානව හිමිකම් ක්‍රියාකාරිත්වය විසින් වාර්ෂිකව නිකුත් කරන ‘මනුරාව’ නීති සඟරාව අගෝස්තු 21 බදාදා කොළඹ නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී එළිදකී.

ඒ පිළිබඳව එදින පස්වරු 1.00 සිට 5.00 දක්වා පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වනුයේ මහාභාරකාර ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. ජී. සනත් වීරරත්න මහතාය.

දශක 2කට අධික කාලයක් තුළ ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ‘මනුරාව’ සඟරාවේ මෙවර කලාපයට විනිසුරුවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු විද්වතුන් සහ නීති සිසුන් විසින් ලිපි සපයා ඇත.

පිටු 300 යුත් ඒ්4 ප්‍රමාණයේ මෙම සඟරාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම යුත් ලිපිවලින් සමන්විත අතර මෙහි සංස්කාරක නිමාෂා ප්‍රේමදාසය. එම ලිපි ඇගයීම ඒහිදී සිදු කෙරෙනුයේ ‌ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. නරේන්ද්‍රකුමාර් මහතාය. උත්සවය අමතා නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතිඥ ඉන්ද්‍රිරා සමරසිංහ, නීති ශිෂ්‍ය මානව හිමිකම් ක්‍රියාකාරිත්වයේ සභාපති චමික ගුරුගේ යන මහත්ම මහත්මීන් ඇතුළු කිහිපදෙනෙක් කථා කිරීමට නියමිතය.

මෙම උත්සවයට සමඟාමීව නීති ශිෂ්‍ය මානව හිමිකම් ක්‍රියාකාරිත්වයේ වෙබ් අඩවියද එදින එළිදැක්වෙන අතර පස්වරු 3 සිට 5 දක්වා මානව හිමිකම් දිනය සැමරීම වෙනුවෙන් ‘ජීවත්වීමේ අයිතිය’ මැයින් විද්‍වත් කථිකාවක්ද පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *