ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ දයා විමලවීරයන් අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ චිත්‍රපට හා කැමරා අධ්‍යක්ෂ දයා විමලවිර මහතා ඊයේ(12) අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 81වැනි වියෙහි පසු වුනි.

තම පියා සිරිසේන විමලවීරයන්ගේ එකමත් එක රටක චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙස සිනමා ගමන ආරම්භ කළ දයා විමලවීර මහතා, ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස රොඩී කෙල්ල, පටාචාරා, ආදරයයි කරුණාවයි, කළණ මිතුරෝ, සිකුරුලියා වැනි චිත්‍රපටවලට දායක විය.

1972 වසරේ දී වීදුරු ගෙවල් තුළින් දයා අධ්‍යක්ෂණයට පිවිසි අතර ඉන් අනතුරුව චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය.

ඔහු අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය චිත්‍රපට අතර ජීවන කඳුළු (1979), මිහිදුම් සිහින (1982), මේ ජර් සර් (1982), දෙව්දුව (1986), මධු සිහින (1990), රජ දරුවෝ (1992), චායා (1993) සහ සුජාතා (1994) ජනප්‍රිය විය.

මෙරට සිනමාකරුවකු සතු වූ එකම චිත්‍රාගාරය ලෙසින් හැඳින්වෙන නවජීවන චිත්‍රාගාරයේ හිමිකරු වූයේද දයා විමලවීරයන්ගේ පියාණන් වූ සිරිසේන විමලවීරයන්ය.

තම පියාගෙන් දැඩි විනය යටතේ සිනමාව අතැඹුලක්‌ සේ හැදෑරූ, දයා විමලවීරයන් තුළ කැපවීම, උනන්දුව ශික්‍ෂණය හා සූදානම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් තැන්පත්ව තිබිණි.

යා විමලවීරයන්ගේ දේහය සිය නිවස වන 154A, ඇන්ඩර්සන් පාර, නැදිමාල දෙහිවල යන ලිපිනයෙහි තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අගෝස්තු මස 14වන බදාදා සවස 4ට නැදිමාල පොදු සූසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *