ශ්‍රී ලාංකික තරුණයෙක් ඉන්දියාවේදී අතුරුදහන්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සිටින සිය ඥාතින් පිරිසක් දැක බලා ගැනීම සඳහා ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු අතුරුහන්වී ඇති බව ඔහුගේ මව විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

26 හැවිරිදි මෙම තරුණයා පසුගිය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට බැංගලෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති අතර එහි සිට චෙන්නායි බලා ගමන් කරනු ලබන අභ්‍යන්තර ගුවන් යානාවකින් චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ජුලි මාසයේදී ය.

කෙසේ වෙතත් මෙම තරුණයා ගේ දුරකථනය ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ මව චෙන්නායි හි සිටින සිය ඥාතින් ගෙන් තම පුත්‍රයා සම්බන්ධයෙන් විමසා ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණයා තමන්ව දැකබලා ගැනීමට පැමිණෙන බවට තොරතුරක් තමන් නොදන්නා බවයි.

ඒ අනුව අදාළ තරුණයාගේ මව පසුගිය අඟහරුවාදා ඉන්දියාව බලා ගොස් ඇති අතර සිය පුත්‍රයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් චෙන්නායි ගුවන් තොටුපළ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

අදාළ පැමිණිල්ලත් සමග චෙන්නායි පොලිසිය විසින් මෙම තරුණයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා CCTV දර්ශනද උපයෝගී කර ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *