කලාපීය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට එක්වෙනවා – තරංජිත් සිං

(කොළඹ, ලංකාපුවත්) – කලාපීය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා පැවසීය

ඉන්දියාවේ 73 වැනි නිදහස් දිනය අද (15) අභිමානවත්ව සමරන ලදි. ඒ වෙනුවෙන් අද උදෑසන කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේද සැමරුම් උත්සවයක් පැවැත්වුනි.

දෙරට අතර අනෝන්‍ය අවබෝධය සහ සහෝදරත්වය ඉදිරියේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසීය.

ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සියලු පළාත් තුළ සංවර්ධන සහ සහයෝගීතා ව්‍යාපෘති 70කට අධික සංඛ්‍යාවක් ආරම්භ කර ඇති බවත් ඒ සියලු ව්‍යාපෘතීන් සකස් කොට ඇත්තේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රමුඛතාවයන් අනුව බවත් ඔහු කියා සිටියේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති විශාලම ව්‍යාපෘතිය නිවාස 63000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය බවත් ඉන් නිවාස 47000ක වැඩ නිමකොට දැනටමත් ප්‍රතිලාභීන් වෙත බාරදී අවසන් බවත් මෙයට අමතරව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම එක් ආදර්ශ ගම්මානය බැගින් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් මහකොමසාරිස්වරයාගේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *