කොළඹ ආරක්ෂක සමුළුව 29වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ආරක්ෂක සමුළුව සඳහා මුලික කටයුතු සූදානම් බව යුද හමුදාව ප‍්‍රකාශ කරයි. එය ලබන 29 සහ 30 දෙදින පැවැත්වෙනු ඇත.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය.

‘සමකාලිනී ආරක්‍ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය‘ යන මාතෘකාව යටතේ දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්‍ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.

ආරක්ෂාව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී සිදුවනු ඇත. ආරාධිත සම්පත්දායකයන් 25 දෙනෙකු පමණ ඊට සහභාගී වන බව යුද හමුදාව සඳහන් කළේය.

ජාතික, කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රෙයන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනීමට අදාළ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විසදුම් මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ. යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත මෙම සමුළුව මෙවර සංවිධාන වන්නේ 09වැනි වරට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *