දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා උතුරු කොරියාව ප‍්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියානු නායක කිම් ජොං අන් විසින් තවදුරටත් දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ දකුණු කොරියාව සහ ඇමරිකාව අතර පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට විරෝධය පළ කරමින් කිම් ජොං අන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම අද (16) අලූයම් කාලයේදී ද උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළෙන් මිසයිල දෙකක් අත්හදා බලනු ලැබුනු අතර එය මාසයක කාලයක් තුළ ඔවුන් සිදුකළ 6 වන මිසයිල අත්හදා බැලීම වෙයි.

මිට අමතරව, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් කියා සිටියේ වසර 2045 වන විට කොරියානු අර්ධද්වීපය එක්සේසත් වීමට කටයුතු කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජපාන අධිරාජ්‍ය පාලනයෙන් නිදහස ලැබීම සලකුණු කරමින් ජාතිය ඇමතූ අවස්ථාවේදීය.

කොරියාව උතුරු සහ දකුණු ලෙස රාජ්‍යයන් දෙකකට වෙන්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *