රටේ යුද හමුදාපති පුටුව හිස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය අවසන් වී තිබේ. 2017 වසරේ ජූලි මස 04 වැනිදා මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කෙරුණි. ඒ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපතිවරයා ලෙසය.

මීට පෙර ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබු අතර එම කාලය ඊයේ (18) දිනයෙන් අවසන් විය.

යුද මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ ඒ අනුව මේ දක්වා යුද්ධ හමුදාපති ධූරය සඳහා කිසිඳු පත් කිරීමක් සිදු කර නොමැති බවය.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින පළමු 10 දෙනාගේ නම් ලැයිස්තුවක් ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා විසින් ඉල්ලා ඇතැයි වාර්තාවේ. එම නම් ලැයිස්තුව ඉල්ලා ඇත්තේ ද පුරප්පාඩු වන යුද්ධ හමුදාපති ධුරය සඳහා සුදුස්සෙකු පත් කිරීමට බව සදහන් වේ.

ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින නිලධාරීන් අතරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ මෙන්ම මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ද අයත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *