පළමු වරට වේදනා පාලන හෙද කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රි ලංකාවේ පළමු වේදනා පාලන හෙදියන් කණ්ඩායම පුහුණු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

පාඨමාලාව ලබන මාසයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

පළමු කණ්ඩායමට ඇතුළත් වන සංඛ්‍යාව 42නෙකි.

සමාරම්භක උත්සවය ලබන මස දෙවනදා ජාතික රෝහල් ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව අමාත්‍යංශය පැවසීය. එක් එක් ක්ෂේත‍්‍ර වෙනුවෙන් විශේෂඥ පුහුණුව ලැබු හෙදියන් අදාළ අංශවලට යොමු කිරිම වැඩපිළිවෙලේ අරමුණ වේ.

ඒ අනූව දැඩි සත්කාරක භෙදියන්, හදිසි ප‍්‍රතිකාරක භෙදියන් ඇතුළු කණ්ඩායම් පිළිබඳව අවධානය යොමුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *