(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව සඳහා පාර්ලිමේන්තු අවසරය හිමිව ඇත.
ඒ අනුව , තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය මැයි 22 වනදායි.