සහරාන් ගෙන් පුහුණුව ලැබූ මව්ලවිවරුන් දෙදෙනක් TID අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාෂයට ලද තොරතුරක් මත තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමග නුවරඑලිය කඳවුරේ පුහුණුව ලැබූ මව්ලවිවරුන් දෙදෙනෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 28 හැවිරිදි මොහොම්මදු හනීෆා මොහොමඩ් රිස්මි නම් හෙට්ටිපොල ජුම්මා මුස්ලිම් පල්ලියේ මව්ලවිවරයෙක් ලෙස කටයුතු කරනු ලබන අයෙකි.

අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු නිකවැරටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ ම්ව්ලවිවරයෙක් ලෙස කටයුතු කරනු ලබන 29 හැවිරිදි මොහොමඩ් නසාර් මොහොමඩ් නිම්සාඩ් යන අයයි.

මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාෂය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *