හෙරොයින් ඡාවාරම් කළ වරදට මරණ දණ්ඩනය

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් හෙරොයින් ග්‍රෑම් 22.54 ක ප්‍රමාණයක් ඡාවාරම් කිරීමට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකුට අද(21) මරණ
දණ්ඩනය නියම කළේය.

විත්තිකරු වන හල්පිට පතිරණගේ දොන් නිශාන්ත පෙරේරා නැමැත්තා ඇතුළු තවත් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 51 යි මිලිග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සමඟ 2007 නොවැම්බර් මස 26 වන දා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහි පළමු හා දෙවන විත්තිකරුවන් නඩු විභාගය අතර තුර දී මිය යෑම හේතුවෙන් මෙම විත්තිකරුට එරෙහිව පමණක් නඩුව පැවැත් වු අතර, එකී හෙරොයින් ප්‍රමාණයෙන් ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 54 තිබීම හේතුවෙන් එම චෝදනාවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ වයස සහ වරදේ ස්වභාවය අනුව ලිහිල් දඩුවම් ලබා දෙන්නයි ඉල්ලා සිටියද, සමාජයට මහත් ව්‍යසනයක් වී ඇති හෙරොයින් ඡාවාරම සුළුකොට නොතකා සමාජයට ආදර්ශයක් ගත හැකි පරිදි උපරිම දඩුවම් ලබා දෙන ලෙස රජයේ අධිනීතිඥ නිසාරා ජයරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙලෙස කරුණු විමසා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අවසානයේ විත්තිකරුට මරණ දඬුවම නියම කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *