කොළඹ වරාය නගරය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරාය නගරය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

නාගරික සංවර්ධන පනතට අනුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ වරාය නගරය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. කොළඹ වරාය නගර භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුළත් කිරීම පසුගියදා පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් සිදුකෙරුණි.

ඊට සමගාමීව අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ඉදිරියේ දී කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *