ශ්‍රී ලංකා අනන්‍යතාව ප්‍රවර්ධනය කරන ‘BEAUTY OF SRI LANKA‘ ප්‍රදර්ශනය අමෙරිකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරල් කාර්යාලය Consulate General of the Democratic Socialist Republic of Sri Lanka in Los Angeles සහ America Sri Lankan Photography Art Society විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා අනන්‍යතාව ප්‍රවර්ධනය කරන වැඩසටහන සහ ඡායාරූප ප්‍රදර්ශනය”“THE BEAUTY OF SRI LANKA” ” අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී සැප්තැම්බර් මස 21 දින 27 දින දක්වා පවැත්වීමට කටයුතු යොදා අත.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයසඳහා මෙන් ම පවැත්වෙන ප්‍රවර්ධන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීන ඡායාරූප ශිල්පීන් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන ඡයාරූප මාධ්‍යවේදීන් ,වනජීවී ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනත්වයට පත් ඡායරූප ශිල්පීන් රැසක් මෙන් ම විද්වතුන් සහභාගී වන අතර අමෙරිකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් රැසක් ලොස් ඇන්ජලීස් නුවර දී එක්වී සිය අත් දැකීම් හුවමාරු කරගැනීම සිදු කරයි.

එමෙන් ම ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී සුවිශේෂී වූ ඡයාරූප ප්‍රදර්ශනයක් සහ දේශන මාලාවක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.

මෙම ප්රාවර්ධන සහ ඡායාරූප ප්‍රදර්ශනය මඟින් ශ්‍රී ලාංකික අනන‍යතාවය, සංස්කෘතිය, ජාතික උරුමය, කලාව, අන්තර් සංස්කෘතික සබඳතා, ස්වභාව සෞන්දර්යය හා වනජීවී මෙන් ම දනුම හුවමාරු කරගනීමේ වැඩසට්යහන් ඇතුළු සංචාරක ආකර්ශනයක් සහිත ශ්‍රී ලංකික අභිමානය අභිමානවත්ව ඇමෙරිකාව ඇතුළු ලෝකය හමුවට විවෘත කිරීම අරමුණ බව ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධයෙන් අඳහස් දක්වමින් පවසයි.

මේ ජායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජායාරූප ශිලිපීන් වන කේ.ජී කීර්තිර්ත්න, රංජනී පෙරේරා යමුනී රශ්මිකා පෙරේරා, විකුම් සේනානායක, රෝහිත ගුණවර්ධන, කුමාර කරුණාරත්න යන අය සහභාගී වේ.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකික ඡායාරූප ශිල්පීන් සඳහා අමෙරිකා රජය දක්වන සුවිශේෂී අතදීම ද මෙහිදී අගය කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *