“සුවපත් රටක් – සවිමත් හෙටක්” එළි දකී

(කොළඹ, ලංකාපුවත්) – නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය පිළිබඳ ක්‍රමෝපායන් සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ(20) එළි දක්වනු ලැබීය. 2018 සිට 2025 දක්වා ක්‍රියාත්මක මෙම සැලැස්ම “සුවපත් රටක් – සවිමත් හෙටක්” තේමාවෙන් ක්‍රියාත්මකයි.

වසර දෙකක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැලැස්ම සකස් කොට තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අදහසකට අනූවය.

නව යොවුන් හා යොවුන් විය ලෙස හඳුන්වන්නේ, වසර අවුරුදු 10 ත් 24 අතර පිරිසයි. මෙරට ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරන එම පිරිස ලක්ෂ 48කි.

එම වයසේ යෞවනයින් මුහුණ දෙන කායික හා මානසික ගැටලු නිරාකරණය සඳහා යොවුන් මිතුරු පියස රටපුරා ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *