ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරියේ www.caa.lk වෙබ් අඩවියේ සංගණනය සඳහා වන අයදුම්පත්‍රය පල කර ඇති බව සදහන් වේ.

මේ වන විට ඩ්‍රෝන යානා 500 ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇත.

මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම සහ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමය.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් තහනම් කිරීමට පියවර ගැණුනි.

සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *