අලූත් ජන්ද මිලියනයක් සවිබලගන්වන‘My First Vote‘ මෙහෙයුම

(කොළඹ, ලංකාපුවත්) – මෙරට තරුණ තරුණියන් ජාතික දේශපාලනයෙන් ඈත් වීම වළක්වාලමින් ඔවුන් මෙරට දේශපාලනයේ සක‍්‍රිය ප‍්‍රජාවක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් මයි ෆස්ට් වොට් (My First Vote) ස්වාධින තරුණ දේශපාලන එකමුතුව පසුගියදා වැඩ ආරම්භ කළේය.

සෘජුවම තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් රටේ ජාතික දේශපාලන යාන්ත‍්‍රණයට ඔවුන් තීරණාත්මක සාධකයක් බව දැනුවත් කරමින් එළඹෙන ජනාධිපතිවරණ ඇතුළු සියලූම මැතිවරණ වලදී තරුණ තරුණියන්ගේ ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය ඉහළ නැංවීමත් ස්වාධින සංවිධානයක් ලෙස තරුණ තරුණියන් දේශපාලන වශයෙන් බල ගැන්වීමත් මයි ෆස්ට් වොට් (My First Vote) සංවිධානය මගින් සිදු කෙරේ.

මයි ෆස්ට් වොට් (My First Vote) සංවිධානය ශ‍්‍රී ලාංකික රාජ්‍ය නොවන ස්වාධින සංවිධානයක් ලෙස කටයුතු කරන අතර එහි සභාපතිවරයා ලෙස යොවුන් පුවත්පත් කතුවර සංජක ප‍්‍රසාද් දොලේවත්ත මහතා කටයුතු කරයි. මේ වන විටත් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක විදේශීය සහ බහුජාතික රාජ්‍ය නොවන සංවිධාන ජාතික දේශපාලනය තුළ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ලෙස සහ දේශපාලන ක‍්‍රියාවලිය නිරීක්ෂණය සහ විශේෂණය කරන කණ්ඩායම් ලෙස ක‍්‍රියා කළ ද මෙරට තරුණ පරපුර දේශපාලන වශයෙන් ස්වාධීන ප‍්‍රජාවක් ලෙස බල ගැන්වීම සඳහා ප‍්‍රථමවරට පෙරමුණ ගෙන ඇත්තේ මයි ෆස්ට් වොට් (My First Vote) සංවිධානයය.

වසරක් පාසා මෙරට තරුණ තරුණියන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් වයස අවුරුදු 18 සම්පුර්ණ කරනු ලබන අතර එහිදී ඡුන්ද නාම ලේඛනයට නම් ඇතුළත් වන සියලූ දෙනාට මැතිවරණයකදී සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය හිමිවේ. මෙරට අවසාන වරට මැතිවරණයක් පැවැත්වුයේ වසර 2015 දී වන අතර එතැන් සිට මේ වනවිට වසර පහකට ආසන්න කාලයක් ගතවී ඇත. එහිදී 2015 වසරේ මහ මැතිවරණයෙන් අනතුරුව මෙතෙක් මැතිවරණයකදී ඡුන්දය භාවිත නොකරන ලද ඡුන්ද හිමි තරුණ තරුණියන් ලක්ෂ දහයකට ආසන්න පිරිසකට මේ වන විට ඉදිරි මැතිවරණයකදී ඡුන්ද ප‍්‍රකාශ කිරීමට අවස්ථාව උදා වෙයි. එසේම ඉදිරි 2020 ජනධිපතිවරණය හෝ එළඹෙන මැතිවරණයකදී ඡුන්ද ප‍්‍රකාශ කිරීම සඳහා මෙතක් බලය හිමි නොවූ වයස අවුරුදු 18 සපිරුණු තරුණ තරුණියන් ලක්ෂ එකහමාරක පිරිසක් ද ඡුන්ද අයිතිය බලාපොරොත්තුවෙන් සිටි. මේ කෙසේවෙතත් මේ වනවිට ශ‍්‍රී ලාංකික ජාතික දේශපාලනය සම`ග තරුණ තරුණියන් සක‍්‍රියව දායක වීම සීග‍්‍ර ලෙස අඩු වන බව දැක ගැනීමට හැකිය.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරට ජාතික දේශපාලනයට තරුණ තරුණියන්ගේ සක‍්‍රිය දායකත්වය නොමැති වීමෙන් ඇතිවිය හැකි තත්වයන් අවබෝධකර ගත් මයි ෆස්ට් වොට් (My First Vote) සංවිධානය දේශපාලන වශයෙන් තරුණ තරුණියන් බලගන්වන දේශීය ආයතනයක් ලෙස ඉදිරියේදී පුළුල් දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

එහිදී දැනටමත් මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ මෙරට ප‍්‍රධාන සියලූම දේශපාලන පක්ෂ, සංවිධාන සමග සාකච්ඡුා ආරම්භ කර ඇත.

ඒ අනුව මේ වනවිට ඡන්ද බලය හිමිවී ඇති ප‍්‍රථම වරට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සිටින මිලියනයකට ආසන්න තරුණ ඡුන්ද දායකයන් ඉදිරි මැතිවරණවලදී ඡුන්ද ප‍්‍රකාශ නොකර සිටීම වළක්වාලමින් ඔවුන්ට ඡුන්ද අයිතිය පිළිබඳවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් උදෙසා තරුණ තරුණියන්ගේ සක‍්‍රිය දේශපාලන මැදිහත්වීමේ වැදගත්කම පිළිබඳවත් දැනුවත් කර ඔවුන් කැමති පක්ෂයකට ස්වාධීනව ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා දිරි ගැන්වීම මයි ෆස්ට් වොට් (My First Vote) සංවිධානයේ මුලික ඉලක්කය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *