සහරාන් මඟ ගිය රෆයිඩීන්ට මාංචු

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයෙකු අම්පාර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා නුවරඑළිය කඳවුරැවල පුහුණු වී තිබෙන බව තහවුරු කරගෙන ඇත.

මොහමඩ් රෆයිඩීන් මොහමඩ් අලි නැමැති මෙම සැකකරැ වටදෙණිය ,වෙලංබොඩ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සහාරන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු ඉක්‍රිමා යන නාමය ඔහුට ලබාදි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *