ඇමසන් වනාන්තරය ගිනි ගැනීම ජාත්‍යන්තර අර්බුදයක්- ප්‍රංශ ජනපති

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ගිනි ගැනීම ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසයි.

මෙය ජී 07 සමුළුවේ දී විශේෂයෙන් අවධානය යොමු විය යුත්තක් බව ප්‍රංශ ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ප්‍රකාශ කළේ ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ගැටලුව දේශපාලන වාසි සදහා යොදා ගන්නා බවයි.

අභ්‍යවකාශ පර්යේෂණ සදහා වූ ජාතික ආයතනය ප්‍රකාශයට පත් කරන ලද චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කරන්නේ බ්‍රසීලයේ ඇතිවූ ලැව් ගිනි සංඛ්‍යාව මෙම වසරේ සියයට අසූපහකින් වැඩීවී ඇති බවයි.

ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමේ වේගය අඩු කරන ඉතා වැදගත් කාබන් ගබඩාවකි. ශාක සහ සතුන් මිලියන 03 ක් පමණ සහ ආදිවාසීන් මිලියනයක් පමණ මෙහි වාසය කරයි.

ඒ අනුව ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න හේතුවෙන් එහි දුමාරය කිලෝමීටර් 2, 700 (සැතපුම් 1.700) සාඕ පාවුලෝ නගරය පසුගිය සඳුදා දිනයේ කළු පැහැ ගැන්ව තිබු බවට ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *