කංජිපානිට වසර 06ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් හට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග ලබාදුන්නේය.

2013 වසරේදී ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළග තබාගැනීම යටතේ චෝදනා 02 කට අදාළව මෙම නඩුව විභාග කෙරුණි.

මෙම නඩුව අද(23) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කංජිපානි ඉම්රාන් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *