කාලයේ තාලයට පාසල් විෂයමාලා වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙමින් විද්‍යා විෂය මාලාව සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව අධ්‍යපන අමාත්‍යංශය නිවේදනය කරයි.

2023 විෂය මාලා සංශෝධන වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක වන අතර මේ යටතේ නූතන ලෝකයට ගැළපෙන නව දැනුම සහ කුසලතා සමඟ සංවර්ධනය වන දක්ෂ දරුවෙකු බිහි කර ගැනීම එහි අරමුණයි.

ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික විද්‍යාභිවර්ධන සංගමය සහ අධ්‍යපන අමාත්‍යාංශය ඒකාබද්ධව පර්යේෂණ ක්‍රමවේදයකින් යුතු විෂය මාලාවක් විද්‍යාව විෂය සඳහා හඳුන්වා දීමට පියවර ගන්නා බව අධ්‍යපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *