මහජන ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට බලය – ජනපතිගෙන් ගැසට් පත්‍රයක්

(කොළඹ, ලංකාපුවත්) – මහජන ආරක්ෂාව පිණිස, සියලු පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමේ ගැසට් පත්‍රයක් ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අත්සනින් යුතුව නිකුත් වී ඇත.

පසුගියදා පනවා තිබූ හදිසි නීතිය දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සිකුරාදා (23) ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව මහජන ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක හමුදාව යෙදවීමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා හදිසි නීති රෙගුලාසී දීර්ඝ නොකිරීමෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *