(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔහු තම රථය මාර්ගයේ නවතා එය ඉදිරිපස සිටින අවස්ථාවේ දී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති බවට වාර්තා වෙයි.
සොරකමක් අතරවාරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව අමෙරිකානු බලධාරීන් සදහන්කර සිටියි.