පක්ෂයේ විනය කඩකළාට ශ්‍රීලනිපය විනය පියවර ගනී

(කොළඹ, ලංකාපුවත්) –පක්ෂයේ විනය කඩකළ මහජන නියෝජිතයන්ට එරෙහිව පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඊයේ(26) තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ එස්.බී දිසානායක මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පත්කරනු ලැබ ඇත. මීට පෙර එම ධුරය දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *