හෙට සිට වැස්ස වැඩිවෙයි – හිරු තැන් කීපයකට අද මුදුන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට(28) සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකියි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇති විය හැකි බවද කාලගුණ අංශ පවසයි.

ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2 පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, දකුණු හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.50 ක පමණ තද වැසි ඇති වේ.

උතුරු හා උතුරු මැද පළාත් වලත් පුත්තලම, ත්‍රීකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කි‍ලෝමීටර 50 දක්වා වැඩි විය හැකිය.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.

අද දින දහවල් 12.13 ට නයිනතිවු, අලෙයිපිඩ්ඩි, මාන්දේතිවු, කිළාලි, පල්ලයි සහ මරුතඩිකුලම් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *