රෝගියෙක් 3වන මහලින් බිමට පනී

(කොළඹ, ලංකාපුවත්) –කඹුරුපිටිය පොලිස් වසමේ ආඳාපාන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් රෝහලේ 03වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කර ගෙන තිබේ.

ඊයේ(27) රාත්‍රී 7.10ට පමණ මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වු කුඹුරුපිටිය ලිපිනයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය ආඳපාන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද(28) සිදු කිරීමට නියමිතය.

කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *