අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂි පිට දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් 2008 වර්ෂයේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කරනු ලැබීය.

ටෙස්ට් තරග 19 කදී කඩුලු 70ක් දවා ගෙන ඇති අජන්ත මෙන්ඩිස් අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රිඩා කරනු ලැබුවේ 2014 වර්ෂයේදීය. එක්දින තරග 87කට ක්‍රිඩා කරමින් කඩුලු 152ක් දවාගෙන ඇති ඔහු විස්සයි-20 තරග 39 කදී කඩුලු 66ක් දවා ගැනිමට සමත්ව ඇත.

2015 වර්ෂයේදි අවසන් වරට ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගාවලියකට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ඔහුට යලිත් ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට අවස්ථාවක් හිමි නොවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *