අයිස් හා හෂීස් සමග වැල්ලවත්තේ දී අයෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –වැල්ලවත්ත,රුද්‍රා මාවතේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 36ක් හා හෂීස් කිලෝ1යි ග්‍රෑම් 06ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී වැටලීම සිදුකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසිනි.

රාජා ගෝපාල් සිවනන්දන් නැමැති 35 හැවිරිදි සැකකරු මෝදර පදිංචිකරුවෙක් බව අනාවරණය කර ගෙන ඇත. සැකකරු අද (26) ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *