කැන්ටබරියේ අගරදගුරු හිමියෝ අද මෙරටට සැපත් වෙති

(කොළඹ, ලංකාපුවත්) –කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණෝ අද (29) දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට සැපත් වෙති.

මේ 31 දින දක්වා මෙරට රැඳී සිටින අගරදගුරු හිමිපාණෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ද බැහැ දැකීමට සහ කොළඹ අගරදගුරු අති අතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට නියමිතය.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් ද මුණ ගැසේ. මෙරට ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම මේ සංචාරයේ අරමුණ වන අතර, පාස්කු දින ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානයට ගොස් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පුද්ගලයන් හමුවීමට ද නියමිතය.

ජස්ටින් වෙල්බි හිමිපාණන්ගේ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ලංකා සභාවේ ප්‍රදේශීය ලේකම් අරූන් ගමලත්ගේ මහතා ප්‍රකාශ කළේ කැන්ටබරියේ අගරදගුරුතුමන්ගේ සංචාරය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *