මධ්‍යම අධිවේගයේ දෙවැනි අදියර නොවැම්බරයේ අවසන්

(කොළඹ, ලංකාපුවත්) –දේශීය කොන්ත්‍රාත්කරුවන් 16 දෙනකුගේ අධීක්ෂණය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නොවැම්බර් මස අවසන්වීමට පෙර අවසන් කරන බැව් ව්‍යාපෘති අධ්‍යක්ෂ වී. මොහාන් මහතා පවසයි.

2017 ජනවාරි මස ආරම්භ කළ මෙම දැවැන්ත ව්‍යාපෘතියට පවරා ගත් සියලුම ඉඩකඩම්වල සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සියලුම වන්දි මුදල් මේ වන විට ගෙවා අවසන්කොට ඇත.

කොළඹ සිට මහනුවර කේන්ද්‍රකොටගෙන නැවත කුරුණෑගල හරහා දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසුකම් දියුණු කිරීම ඉලක්ක කරගෙන අදියර 4 ක් යටතේ ක්‍රියාත්මක වෙන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන බස් නැවතුම්පොළ වශයෙන් තෝරාගෙන තිබෙන කුරුණෑගල ගැට්ටුවාන දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට අංගසම්පූර්ණ බස් නැවතුම්පොළේ වැඩ ද අවසන් වෙමින් පවතී.

රජයට පවරාගත් ඉඩම් සහ ගොඩනැගිලිවලට මේ වන විට රුපියල් 4,661,903,248 ක් ගෙවා ඇත. පාලම් 12 ක් පැති බැමි 140 ක් ඔස්සේ මීරිගම සිට කුරුණෑගල නගරය දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් මස අවසන්වීමට පෙර ජනතා අයිතියට පැවරීමට බොහෝදුරට ඉඩකඩ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *