ගාල්ල ආසියාවේ සුන්දරම නගර අතරට

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු කලාපීය රටවල පිහිටි සුන්දරම නගර 13 ලෙස ඇමරිකාවේ සී.එන්.එන්. මාධ්‍ය ආයතනය නම් කළ නගර අතරට ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයද එක් වී තිබේ.

‘ඓතිහාසික ඕලන්ද කොටුව (ගෝල් ඩච් ෆෝර්ට්) කේන්ද්‍ර කර ගත් ගාල්ල නගරය’ වශයෙන් සඳහන් කරමින් මෙම සුන්දරතම නගර අතරට ගාල්ල නගරය එක් කර ඇත.

සී.එන්.එන්. ආයතනය නම් කළ සුන්දරතම නගර අතරට වියට්නාමය, ජපානය, මැලේසියාව, පිලිපීනය, ලාඕසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, චිනය, ඉන්දියාව, නේපාලය, හොංකොං සහ තායිලන්තය යන රටවල නගරද ඇතුළත් ‍වේ. අදාළ නගරවල ඉතිහාසය සහ සුන්දරත්වය අනුව ඇති වටිනාකම පරිදි සංචාරක ගමනාන්ත සදහා මෙම නගර නම් කර ඇත.

ගාලු කොටුව 1588දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදි. ගාලු කොටුවේ පෞරාණික වටිනාකම සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝව විසින් එය සජීවී ලෝක උරුම නගරයක් ලෙස නම් කර ඇත ඇත. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය යටත් විජිත යුගයේ වාස්තු විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන්ද වැදගත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *