අලුත්කඩේ අධිකරණ බළ පෙදෙසේ උද්ඝෝෂණ-පෙළපාලි තහනම්

(කොළඹ, ලංකාපුවත්) –සංවිධාන කිහිපයකට ඊයේ (01) සිට (10) දක්වා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ උද්ඝෝෂණ,රැස්වීම්, පෙලපාළි පැවැත්වීම තහනම් කරමින් අධිකරණය තහනම් නියෝගයක් ලබාදී ඇත.

‍එම තහනම් නියෝගය ලබාදී ඇත්තේ සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කරු පඤ්ඤාලෝක හිමි, රාවණා බලයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අතුළු තවත් හිමිවරුන් පිරිසකටය.

එවැනි උද්ඝෝෂණ, රැස්විම්, පෙලපාළි පවත්වාගෙන යාමේදි සමකාමිව හා නිත්‍යානුකූල ලෙස පවත්ගෙන යෑම බාධවක් නොමැති බවටත්, කැරැල්ලක්, කළහයක්, ඇතිවන කිසිදු ක්‍රියාවක් නොකළ යුතුයි. මහජනතාවට, වාහනවලට බාධාවක්, අනතුරක් කරදරයක් ඇතිවන ආකාරයේ රැස්වීමෙන්, ගමන් කිරීමෙන වැළකිය යුතු බවත් මෙහිදි සඳහන් කර ඇත. සාමය කඩවන සුළු ආකාරයේ කිසිදු ක්‍රියාවක් නොකළ යුතු අතර නීත්‍යානුකූලය සේවයේ නියුතු තැනැත්තන් හට බාධාවක් වන අයුරින් රැස්විමෙන් හෝ ගමන් කිරීමෙන් වැළකිය යුතු බව අධිකරණ නියෝගයෙන් නියෝග කර ඇත. මේ නියෝගය සහභාගි වන ජනතාවටද බලපායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *