ඉන්දීය සාගර සමුළුවට එක්වීමට අගමැති මාලදිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද (09) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

ඒ, මාලදිවයින් ජනාධිපති ඊබ්රයහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවය.

මෙම නිල සංචාරයේ දී ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳවත්, විවිධ ක්ෂේත්‍රවල නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම සහ දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිතය.

සැප්තැම්බර් මස 03 – 04 දිනවල මාලදිවයිනේ “පැරඩයිස් අයිලන්ඩ් රිසෝට්” හෝටල් පරිශ්‍රමයේ දී පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඉන්දීය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරනුයේ මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස්.රාජරත්නම් විද්‍යාලයේ සහාය ඇතිවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *