රණු මොන්ඩාල් හඬට ජනප්‍රිය නළු සලමාන් ඛාන් වසී වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ‘කල්කටාවේ ලතා මංගේෂ්කර්‘ ලෙස එක් රැයකින් කිරුළු පළන් රණු මොන්ඩාල්ව ජනප්‍රිය නළු සලමාන් ඛාන් ඔහුගේ Dabangg 3 චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක් කර ගැනීමට තීරණය කර තිබේ.

මේ අතර වාර්තා වූයේ සලමාන් ඛාන් ඇය වෙත ඉන්දීය රුපියල් ලක්ෂ 55ක් වටිනා නිවසක් ලබා දුන් බවයි . නමුත් එම පුවත සත්‍යක් නොවන බව ඔහුගේ සමීපතමයින් පවසයි.

දුම්රිය පොළක දී ඇය ගායනා කළ ගීතයක් ජංගම දුරකතනයකින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ රනු මන්දල් ලොව පුරා වේගයෙන් ජනප්‍රියා චරිතයක් බවට පත් වූවාය. හිමේෂ් රෙෂමමියා වෙනුවෙන් මුළින් ම පටිගත කළ ඇගේ තෙරී මෙරී කහානි ගීතිය හැපී, හාර්ඩි ඇන්ඩ් හීර් චිත්‍රපටය සඳහා යොදා ගැනීමට නියමිතය. රනු මොන්ඩාල් උපත ලැබුවේ බටහිර බෙංගාලයේ ක්‍රිෂ්ණනගර්හි වන අතර ඇය සිය ළමා කාලය වැඩි කාලයක් ගත කර ඇත්තේ රණගට්හි ඇගේ නැන්දණියගේ නිවසේය. වයස අවුරුදු 19 දී ඇය විවාහ වී ඇති අතර යුවළ ඉන්පසු මුම්බායි වෙත පැමිණ තිබේ. කෙසේ වෙතත්, ඇගේ සැමියාගේ අභාවයෙන් පසු ඇය නැවත රණගාට් වෙත පැමිණ ඇත.

50 හැවිරිදි වියේ පසුවන රණූ, රණගාට් දුම්රියපොළේ ගායනා කිරීම වෙනුවෙන් මගීන් ලබා දෙන මුදලින් ආහාරපාන මිල දී ගෙන තිබේ. ඇයගේ ගායනය දුටු 26 හැවිරිදි ඉංජිනේරුවකු වන අතින්ද්‍රා චක්‍රවර්ති එය වීඩියෝ කර අන්තර්ජාලයට එක් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *