බි‍්‍රටිෂ් කවුන්සිලය IELTS සම්මාන රාත‍්‍රියේදී හවුල්කරුවන්ගේ ජයග‍්‍රහණ සමරයි

(කොළඹ, ලංකාපුවත්) – IELTS හවුල්කාර බි‍්‍රටිෂ් කවුන්සිලය පසුගියදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවැත්වුණු IELTS හවුල්කාරිත්ව සම්මාන 2019’ උළෙලදී සිය ජයග‍්‍රහණයන් ඉහළින් සමරනු ලැබිණි.

පසුගිය වසර කිහිපය පුරාම මෙම සම්මාන රාත‍්‍රිය පැවැත්වුණු අතර එහිදී අන්තර්ජාතික ඉංග‍්‍රීසි භාෂා පරීක්ෂණ ක‍්‍රමවේදයක් මෙරට අපේක්ෂකයින් සඳහා ලබා දීමට හවුල්කරුවන් විසින් සිදු කරන ලද කැපී පෙනෙන දායකත්වය ඉහළින් අගය කෙරුණි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් මෙරට විභාග අධ්‍යක්ෂ රොබ් ලෝ මහතා මෙසේ පැවසීය. ”බි‍්‍රටිෂ් කවුන්සිලය සහ ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතාවයට වසර 70 ක් සපිරෙන අතර ශක්තිමත් හා වටිනා ජාලයක් ගොඩනැගීමට සහය දක්වමින් අප සමඟ සමීපව කටයුතු කළ අපගේ සියලූම හවුල්කරුවන්ට මම ස්තූතිවන්ත වනවා. අද සම්මාන රාත‍්‍රියේ අපගේ පුළුල් හා විශිෂ්ඨ හවුල්කාර ජාලයේ ජයග‍්‍රහණයන් ඉහළින් සමරනු ලබන්නේ ඔවුන් සිසුන්ට තම තමන්ගේ ජීවන අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව මාවත සකස් කර දෙමින් සිටින බැවිනි.”

සීමාසහිත නේෂන්ස් වික්ටරි කැම්පස් (පුද්) සමාගමේ සභාපති ජේ. පී. ගයාන් එරංග කුමාර ජයසේකර මහතා මෙසේ සඳහන් කළේය, ”අපි 2017 සිට බි‍්‍රටිෂ් කවුන්සිලය සමඟ කටයුතු කරමින් සිටිනවා. මෙතරම් කෙටි කාලයක් තුළ වසරේ ආයතනික හවුල්කරු සම්මානය ලබා ගනිමින් අපගේ ඉලක්කය සපුරා ගැනීමට සහය දැක්වූ බි‍්‍රටිෂ් කවුන්සිලයේ සියලූම කණ්ඩායම්වල සාමාජිකයින්ට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටිනවා.

මෙහිදී ”වසරේ උපායමාර්ගික සහකරු” සම්මානය හිමිකරගත් ACBT හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ක‍්‍රිෂාන් සේනාරත්න මහතා තම හැඟීම් විස්තර කරමින් ACBT සහ බි‍්‍රටිෂ් කවුන්සිලය අතර දීර්ඝ කාලින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයක් පවතිනවා” යනුවෙන්ම සඳහන් කළේය. කොළඹ, මහනුවර සහ ගාල්ලෙහි පිහිටි අපගේ සියලූම අධ්‍යාපන ආයතනවල අපි එක්ව වැඩ කටයුතු සිදු කරමින් සිටිනවා. පරිගණක ආශ‍්‍රයෙන් ලබා දෙන IELTS විභාගය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අප ක‍්‍රියාකාරීව කටයුතු කරන බැවින් මෙම සම්මානය අපගේ දායකත්වය පිලිබඳ ඉහළ සහතිකයක් ලබා දී තිබෙනවා. ඒ වගේම බි‍්‍රටිෂ් කවුන්සිලය ම`ගින් පවත්වනු ලබන අනෙකුත් විභාග සඳහා ACBT ප‍්‍රධාන මධ්‍යස්ථාන හවුල්කාරීත්වය ලබා දෙනු ලබනවා.

‘‘වසරේ ඒක පුද්ගල සහකරු’’ ලෙස සම්මාන හිමි කර ගත් ඥානතිලක ජයවර්ධන මහතා අදහස් දක්වමින් ‘‘බි‍්‍රටිෂ් කවුන්සිලයේ IELTS කණ්ඩායම මට ලබා දුන් නොසැලෙන සහයෝගය නිසා තමයි අද මාහට මේ ජයග‍්‍රහණයේ සතුට භුක්ති විඳීමට හැකියාව ලැබී තිබෙන්නේ. මම බලාපොරොත්තු වනවා තවත් දීර්ඝ කාලයක් බි‍්‍රටිෂ් කවුන්සිලය සමඟ එක්ව කටයුතු කිරීමට. ”

CBT කැම්පස් හී අලෙවිකරණ අධ්‍යක්ෂ අනුර ගමගේ සිය අදහස් මෙසේ පැවසිය. ‘‘බි‍්‍රටිෂ් කවුන්සිලයේ වසරේ ආයතනික හවුල්කරු ලෙස අප සම්මානයට පාත‍්‍ර වීම පිළිබඳව නැවත වරක් ICBT ආයතනය ලෙස අප සතුටට පත්වනවා. බි‍්‍රටිෂ් කවුන්සිලය සමග එක්ව ICBT කැම්පස් විසින් පවත්වනු ලබන IELTS විභාග දහස් ගණනක උසස් තත්ත්වය සහ ප‍්‍රමිතීන් පිළිබඳව මෙම සම්මානය සාක්ෂි දරනවා. අපගේ ICBT සියලූම ශාඛාවන්වල IELTS විභාග ක‍්‍රියාත්මක කිරීමේ වැඩසටහන් සහ විභාග සඳහා පහසුකම් සැලසීම සඳහා අප ආයතනයේම කැපවූ කාර්ය මණ්ඩලය යොදා ගනු ලබනවා. පරිගණක ආශ‍්‍රිත IELTS විභාගය කොළඹ පිහිටි අපගේ ෂක්‍ඊඔ කැම්පස් හිදී පැවැත්වීමට බලාපොරොත්තුවනවා. ICBT කැම්පස් බි‍්‍රටිෂ් කවුන්සිලයේ ප‍්‍රධාන හවුල්කරුවෙකු වන අතර එම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වනවා.”

විශ්වාසදායක සන්නාමයක් ලෙස, බි‍්‍රටිෂ් කවුන්සිලය සිය ගනුදෙනුකරුවන් ප‍්‍රමුඛත්වයෙහිලා සලකනු ලබයි. එහිදී අඛණ්ඩව සුවිශේෂී සේවාවක් ලබා දීමට උත්සාහ කරන අතර, සියලූ අපේක්ෂකයින්ට වඩාත් පහසුව, ආරක්ෂාව සහ නම්‍යශීලිත්වය සමඟ බාධාවකින් තොරව සේවාවන් ලබා දෙනු ලබයි. පරිගණක මාධයෙන් IELTS සඳහා මුහුණ දීමට අවස්ථාව සලසා දීමත් සම`ග සිසුන්ට ප‍්‍රතිඵල වේගවත්ව ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර සාමාන්‍යයෙන් වැඩකරන දින පහක් හෝ හතක් අතර එය ලබා ගත හැකි වේ. එලෙසම මසකට පැවැත්වෙන සැසිවාර 20 වැඩි ප‍්‍රමාණයකින් ඔවුන්ට තමන්ට පහසු දිනයක් වෙන්කර ගැනීමේ අවස්ථාවද හිමි වෙයි.

IELTS යනු ලොව ජනප‍්‍රියම ඉහළ පෙළේ ඉංග‍්‍රීසි භාෂා පරීක්ෂණය වන අතර පසුගිය වසර තුළ මිලියන තුනකට වඩා එම පරීක්ෂණය සඳහා මුහුණ දී ඇත. මෙම පරීක්ෂණය විශ්ව විද්‍යාල, පාසල්, සේවායෝජකයින් සහ සංක‍්‍රමණික ආයතන 10,000 කට අධික සංඛ්‍යාවක් විසින් පිළිගැනීමට ලක් කර තිබේ.

බි‍්‍රටිෂ් කවුන්සිලය විසින්වා වාර්ෂිකව ශ‍්‍රී ලංකාවට එක්සත් රාජධානියේ විභාග 100,000 කට ආසන්න ප‍්‍රමාණයක් ලබා දෙන අතර සිසුන්ට සහ තරුණ වෘත්තිකයින්ට ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට එමගින් අවස්ථාවන් නිර්මාණය කරමින් ඒ සඳහා උපකාරී වේ.

70 වසරක සංවත්සරය සමරන බි‍්‍රටිෂ් කවුන්සිලය දශක හතක් පුරා ශ‍්‍රී ලංකාවේ ජනතාව සහ එක්සත් රාජධානිය අතර සංස්කෘතික සබඳතා, සබැඳියාවන් ගොඩනැගීම සහ සම්බන්ධතාවයන් සහ අවස්ථාවන් නිර්මාණය කරමින් අන්‍යෝන්‍ය බැඳීමකින් යුතුව ජනතාවගේ ජිවිත උසස් තලයකට ඔසවා තැබීම වෙනුවෙන් කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *