‘රාජ්‍ය වියදම් කලමනාකරණය’ ට නව චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයට ගැලපෙන උචිත සංශෝධන හා නව කරුණු ඇතුලත් කරමින් සකස් කළ ‘රාජ්‍ය වියදම් කලමනාකරණය’ සම්බන්ධයෙන් වන නව චක්‍රලේඛය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම නව චක්‍රලේඛය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

කැබිනට් අමාත්‍යවරුන්ගේ, කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කල යුතු සීමාවන් දක්වමින් රාජ්‍ය වියදම් කලමනාකරණය මැයෙන් වන චක්‍රලේඛය 2010 වසරේදී ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *