ඇමති සුජීව සේනසිංහ සහ UNDP නේවාසික නියෝජිත අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –එකසත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත රොබට් යූහ්කම් මහතා පසුගියදා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුජීව සේනසිංහ මහතා හමු විය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ UNDP ආයතනයේ මුලපිරීමක් වන සිට්ට‍්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය ඇතුළුව දෙපාර්ශ්වය අතර දැනට ක‍්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව මෙහි දී දීර්ඝව සාකච්ඡා කෙරුණි.

පසුගිය අගෝස්තු මස කොළඹ දී පැවති ශිල්පසේනා ප‍්‍රදර්ශනය පිළිබඳ මහජන අදහස් වාර්තාව මෙම හමුව අතරතුර දී, යූහ්කම් මහතා විසින් අමාත්‍යවරයා වෙත පිරිනැමූ අතර, වේගවත් සංවර්ධන ප‍්‍රතිඵල සඳහා නවෝත්පාදනය ප‍්‍රවර්ධනය වෙනුවෙන් UNDP, සිට්ට‍්‍රා හා අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවට ඒ මහතා අමාත්‍යවරයාට මෙම හමුවේ දී සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *