පසුගිය මාසයේ සංචාරක පැමිණීමේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉකුත් අගෝස්තු මාසයේ දී සංචාරකයින් එක් ලක්ෂ හතළිස් තුන් දහසකට අධික පිරිසක් මෙරට පැමිණි බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය පසුගිය ජුලි මාසයට වඩා 27,486ක වැඩිවීමක් බව එම අධිකාරිය පෙන්වා දෙයි. අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබිණ.

මෙය සංචාරක කර්මාන්තයේ සුබ ලකුණක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති යොහාන් ජයරත්න මහතා පැවසීය.

සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව,එක්සත් ජනපදය,ස්පාඤ්ඤය,කැනඩාව යන රටවලිනි. සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයත් සමඟ සංචාරක මග පෙන්වන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල ද ආදායම ඉහළ ගොස් තිබේ.

ඉදිරියේ දී මීටත් වඩා සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *