සහරාන්ගේ බිරිඳගෙන් රහස් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සිදු වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරමින් මියගිය සහරාන් මොහොමඩ් නැමැත්තාගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා විශේෂ රහස් ප්‍රකාශයක් සිදුකර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ ඇය මෙලෙස පැය දෙකක රහස් ප්‍රකාශය ලබා දී ඇති බව අධිකරණ වාර්තා පවසයි.

කෙසේ නමුත් ඇය අසනීප තත්ත්වයකින් පෙළිම හේතුවෙන් ප්‍රකාශය කිරීම අතරමඟ නතර කිරිමට සිදුවූ බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය ගෙන් මෙලෙස රහස් ප්‍රකාශ ලබා ගත් තෙවන අවස්ථාව මෙය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය ඇයගේ දෙමව්පියන් වෙත භාර කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියම කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *