ඇල්පිටියේ බස් රථයක් තුළ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඇල්පිටිය ප්‍රදේශයේ අටකොහොටේ බෝගහ වංගුව අසල දී අද (06) පෙරවරු 8.05 ට පමණ ලංගම බස් රථයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අළුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් අදාළ බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

වයස අවුරුදු 41 ක් වන රංජිත් ජයවර්ධන නැමැති පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

වෙඩි තැබීම සිදු කල සැකකරු පලාගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *