ජනපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට දන්වා ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, පෙර පැවැති මධ්‍යම කාරක සභාවකදී ගත් තීරණයක් අනුව මහ ලේකම්වරයා මේ බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙන බවත් මෙය මැතිවරණයේ නීතිත්‍යනුකූල පළමු කටයුත්ත බවත්ය. ඉදිරි මධ්‍යම කාරක සභාවලදී තවදුරටත් සාකච්ඡා කර තීරණ ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *