පාර්ලිමේන්තුව 17 වනදා දක්වා කල් තබයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව සැප්තැම්බර් 17වනදා දක්වා කල් තබා ඇත.

පෙරවරු 10.30 ට අද (06) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූයේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මුදල් පනත සංශෝධනය පිණිස ගෙන ආ විදේශ කටයුතු අයබද්ද හා ඊට අදාළ කරුණු සදහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් එල්ල විය. එම අවස්ථාවේ දී අද දිනට නියමිත ආණ්ඩුවේ කටයුතු ඉල්ලා අස් කර ගන්නා බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දීමත් සමඟ පාර්ලිමේන්තුව ලබන 17 වනදා දක්වා කල්තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *