හදිසි සහ ජීවිතාරක්ෂක ඖෂධ සදහා ක්ෂණික ඇමතුම් අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත හදිසි නිකුත් කිරීම් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපනය කරනු ලැබීය. වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ඇරඹුණු මෙම ඒකකය පැය 24 පුරා දින 365 ම ක්‍රියාත්මකය.

ඒ අනුව පැය 24 ම ක්‍රියාත්මකවන පරිදි දිවයින පුරා හදිසි ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ අවශ්‍යතා යොමු කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වාදීමට කටයුතු කර ඇත.

076 647 4777 අංකය ඔස්සේ හදිසි ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ අවශ්‍යතා සපුරා ගතහැකිය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඩ් මහතා සඳහන් කළේ මින්පසු කිසිදු අයුරකින් අදාළ නොවන තැන්වල ඖෂධ අවශ්‍යතාව පිළිබඳ කතා කිරීම පලක් නොවන බවයි. යම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව වන්නේ රෝගී සුරක්ෂිතභාවය නම් ඒ සඳහා මින් ඉදිරියට ඒ පිළිබඳ දැනුම්දිය යුත්තේ 07 66 47 47 77 MEDI CALL ක්ෂණික ඇමතුම් අංකයටය. එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වන විට ලබා ගත හැකි සියලු ඖෂධ ගුණාත්මක භාවයෙන් ඉහල, තත්වපරීක්ෂාවන්ගෙන් සමත්වූ ඖෂධ බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් තමන් සහතික වන බව ඒ මහතා පෙන්වා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *