උසස්පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු 15වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අපොස උසස්පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන 15 වනදා සිට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඔක්තෝබර් මස පළමුවනදා දක්වා එය සිදු කිරිමට සැලසුම් කර ඇත.

ඇගයිම් මධ්‍යස්ථාන ලෙස තෝරාගෙන ඇති පාසල් සංඛ්‍යාව විසි හතකි. ඒ අතරින් පාසල් හතරක් ඇගයිම් පැවැත්වෙන කාලය තුළ දී සම්පූර්ණයෙන්ම වසා තැබීමට නියමිතය. ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලය , මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය , මාතර මහානාම විද්‍යාලය සහ කුරුණෑගල ලක්දාස් ද මැල් මහ විද්‍යාලය එම කාළය තුළ වසා තැබීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *