ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙක් රාමේශ්වරම්හිදි අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු රාමේශ්වරම් පොලිසිය විසින් අද (09) අත්අඩංගුවට ගත් බව ඒඑන්අයි ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.

වවුනියා නගරයේ පදිංචි 24 හැවිරිදි අරුන්රාජ් නැමැති අයෙකු මෙලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ බව සදහන් වේ.

ඔහු සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *