ලෙඩ සුව කරන වැඩසටහනේ දී දෙදෙනෙකු මියයාම ගැන පොලිස් පරික්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනක් අතරතුරදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 18 දෙනෙකු රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අනුරාධපුර හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබුණි. මේ සඳහා පුද්ගලයින් විසි දහසකට අධික පිරිසක් සහභාගි වී ඇති අතර වැඩසටහන අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත් වූ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබුනි.

හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදි පෙරේදා (07) දහවල් 2.00ට පමණ ආරම්භ වී ඇති මෙම වැඩසටහන ඊයේ දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබිණ. මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නොයෙක් රෝගා බාධවලට ලක්වු රෝගීන් විසි දහසකට (20000) අධික පිරිසක් සහභාගිවී සිටියහ. මෙලෙස සිය රෝගය සුව කර ගැනීම සඳහා රැගෙනවිත් සිටි රෝගීන් අතරින් කාන්තාවක් හා පුද්ගලයෙක් ඔවුන්ට වැළඳී තිබු රෝගය උත්සන්න වී පෙරේදා (07) රාත්‍රි මිය ගොස් තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ආබ්‍රපුර, මහවස්කඩුව, කළුතර ලිපිනයේ පදිංචිව සිටි පී. දිනූෂා ද සිල්වා (39) නැමති කාන්තාවක් හා දික්හේනවත්ත, ඌරල, වදුරඹ, ගාල්ල ලිපිනයේ පදිංචිව සිටි ඒ.එම් රණවක (78) නැමති අයයි. එහිදි සිය අසනීප තත්ත්වය වැඩිවූ තවත් 18ක් හොරොව්පතනා රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ඉන්14 ක් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *