නෙළුම් කුළුන මේ මසදී ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියාවේ විශාලතම කුළුණ වන නෙලුම් කුළුණ සැප්තැම්බර් 16 වනදා විවෘත කිරීමට නියමිතව තිබේ.

බහුකාර්ය නෙලුම් කුළුණ ඉදිකිරීම සඳහා අමෙරිකා ඩොලර් මිලියන 104ක් වැය කර ඇති අතර එයින් 80%ක්ම චීන එක්සිම් බැංකුව විසින් දරනු ලැබේ.

කුළුණ විදුලි සංදේශ කෞතුකාගාරයක්, හෝටලයක්, අවන්හලක්, ශ්‍රවණාගාරයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බෝල්රූම් සහ නිරීක්ෂණ ප්‍රදේශයකින් ද සමන්විතය.

නෙළුම් කුළුණට පැවරී ඇති ප්‍රධානතම කාර්යයක් වනුයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කුළුණක් ලෙස ක්‍රියා කිරීමය.

වෙසක්, අවුරදු හා නත්තල් වැනි උත්සව සමයන්හි ඒ් ඒ් උත්සවයට ගැලපෙන වර්ණයන්ගෙන් නෙලුම් පෙති හැඩගැන්වෙනු ඇත.

නෙළුම් කුළුණට ඇතුළු වීමට ටිකට් පතක් මිලදී ගැනීමට සිදුවන අතර එයට පැමිණෙන පවුල් සහ පාසල් ශිෂ්‍යයන්හට සුළු මුදලක් ගෙවා ඇතුල් වියහැකි වනු ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *