කැළණි, කළු සහ අත්තනගලු ඔය ජල මට්ටම් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කැලණිඟග, කළුඟග සහ අත්තනගලූ ඔයේ ජලමට්ටම අවදානම් තත්ත්වයක් දක්වා වැඩිවෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍ර‍්‍රකාශ කරයි.

කැලණිඟගේ නෝර්වුඩ් ප‍්‍රදේශයෙන් ද, කළුඟගේ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන්ද අත්තනගලූ ඔයේ දුනමලේ ප‍්‍රදේශයෙන් ද මෙම තත්ත්වය වාර්තා වේ.

රත්නපුරය ප‍්‍රදේශයෙන් ද කළුඟග පවතින්නේ අවදානම් තත්ත්වයකය. ගිංඟගේ තවලම ප‍්‍රදේශයෙන් සහ මහවැලි ඟගේ නාවලපිටිය ප‍්‍රදේශයෙන් ජල මට්ටම වැඩිවීමක් වාර්තාවුවද, මේ වනවිට එය ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබේ.

එම ගංගා ප්‍රදේශවල පහත්බිම්වල සිටින ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පැවසුවේ නිල්වලා ඟග ඇතුළු සෙසු ප‍්‍රධාන ජලාශ ආශ‍්‍රිත ජලමට්ටම සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *