ට්‍රම්ප්ට උතුරු කොරියා නායකයාගෙන් ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවේ සංචාරයක නිරතවන ලෙස එරට නායක කිම් ජොං උන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබේ. එම ආරාධනය ලිපියක් මගින් පසුගිය අගෝස්තු මාසයේ ට්‍රම්ප් වෙත යොමු කර ඇති බව වාර්තා වේ‍.

මෙය උතුරු කොරියානු නායකයා විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට යොමු කළ දෙවන ලිපිය බව සඳහන් යයි.

නායකයින් දෙපළ පසුගිය වසරේ ජුනි මාසයේ සිට අවස්ථා තුනකදී මුහුණට මුහුණ සාකච්ඡාවල නිරත වු නමුත් න්‍යෂ්ඨික අවිහරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා මෙතෙක් ඵලදායි වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *