ට්‍රම්ප්ට, තලේබාන්වරුන්ගෙන් ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනාගතයේ දී සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නම් දොරටු විවෘත බව තලේබාන් කණ්ඩායම විදෙස් මාධ්‍යක් වෙත ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්තානය තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා එකම මග ලෙස ඉතිරිව ඇත්තේ සාකච්ඡාව බව ප්‍රධාන සම්බන්ධීකාරක ෂෙර් මොහොමඩ් අබ්බාසි ස්ටනික්සායි එම මාධ්‍ය සාකච්ඡාවේ දී පවසා ඇත.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ සාකච්ඡා මිය ගිය බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් සතියකට පසුය. මෙම මස ආරම්භයේ දී වසර 18 ක ගැටුම අවසන් කිරීමේ ගනුදෙනුව ආසන්නයට දෙපාර්ශ්වය සමීපව සිටියේය.

ඔහු විසින් සැප්තැම්බර් 08 වැනි දින තලේබාන් නායකයින් හා ජනාධිපති අෂ්රෆ් ඝානි ට සාකච්ඡා සඳහා ඩේවිඩ් කඳවුරට ආරාධනා කර තිබූ නමුත් සැප්තැම්බර් 06 වැනි දා ඇෆ්ගන් හි කාබුල් අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් අමෙරිකානු සොල්දාදුවකු ඇතුලු 11 දෙනකු මිය යාමක් සමග සාකච්ඡා මග ඇහිරුණි. සාකච්ඡා අතරතුර යුද විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ නොවන්නේ නම් සාකච්ඡා පැවැත්වීමට නොහැකි බව ට්‍රම්ප් ජනාධිපතිවරයා තරයේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 6 =